― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ ආයතන පෞද්ගලීකරණය ගැන නාමල් අවධානයෙන්

රජයේ ආයතන පෞද්ගලීකරණය ගැන නාමල් අවධානයෙන්

ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැඩි කනස්සල්ල පළ කර තිබේ.

පාඩු ලබන ව්‍යාපාර ලාභ ලබන ව්‍යාපාර බවට පත් කිරීම සඳහා ඒවා පෞද්ගලීකරණය කිරීම සිතිය හැකි වුවද දැනටමත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම වඩාත් කණගාටුදායක කරුණක් බ්වත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට තීරණයක් ගෙන තිබේ නම්, එවැනි තීරණයක් පිටුපස ඇති තාර්කිකත්වය අවබෝධ කර ගැනීම වැදගත් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.