32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඌරුබොක්කේ ව්‍යාපාරිකයකුගේ නිවසින් කෝටියකට ආසන්න මුදලක් කොල්ලකයි

ඌරුබොක්කේ ව්‍යාපාරිකයකුගේ නිවසින් කෝටියකට ආසන්න මුදලක් කොල්ලකයි

ඌරුබොක්කේ හුලංකන්ද ප්‍රදේශයේ නිවසකට ඊයේ(11) පස්වරුවේ පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු ගිනි අවියක් පෙන්වා එම නිවසේ තිබු මුදල්,රන්භාණ්ඩ හා ජංගම දුරකථන කොල්ලකා පලාගොස් ඇතැයි ඌරුබොක්කේ පොලීසිය පවසයි.

ඊයේ පස්වරු 2කට පමණ රතු පැහැති මෝටර් රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් සිවු දෙනකු ගිනි අවියක් පෙන්වා එම අවස්ථාවේ නිවසේ සිටි නිවැසියන් බිය ගන්වා නිවසේ තිබු රු 98,50,000 ක් වන මුදල් , රු 325000/= ක් වටිනා කමක් ඇති රන් භාන්ඩ හා ජංගම දුරකථන 3 ක් කොල්ලකා පලා ගොස් ඇතැයි සිදු කල මුලික විමර්ශණ වලදි අනාවරණය වු බව පොලීසිය සඳහන් කරයි.

මෙම නිවසේ හිමිකරු ඌරුබොක්කේ නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරනු ලබන ව්‍යාපාරයක් පවත්වාගෙනු ලබන අයෙකු වන අතර කොල්ලකැම සිදු කර පලා ගිය සැකකරුවන් සොයා පොලිස් නිල සුනඛයින් හා සී.සී.ටී.වී දර්ශණ උපයෝගී කර ගනිමින් ඌරුබොක්කේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.