වරෙන්තුකරුවකු අල්ලා ගැනීමට ගිය ඌරගස්මන්හන්දිය පොලිසියේ නිලධාරින් සමග පොර බදා පැන යාමට උත්සහා කළ අවස්ථාවේ වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අධිකරණයෙන් නිකුත් කරතිබු වරෙන්තුවකට ඔහු අත් අඩංගුවට ගැනිමට ඌරගස්මන්හන්දිය පොලිසියේ සැරයන්වරයකු සහ කොස්තාපල්වරු දෙදෙනකු අද සවස ඇලකාක දියකඩිත්ත ප්රදේශයට ගිය අවස්ථාවේ වරෙන්තුකරු පොලිස් නිලධාරින් සමග පොර බදා සැරයන්වරයාගේ අත තිබූ ගිනි අවියද පැහැරගැනිමට උත්සාහ කළ අවස්ථාවේ කොස්තාපල්වරයකු ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇත.
පාදයකට වෙඩි වැදුන වරෙන්තුකරු එම ස්ථානයෙන් පලාගොස් ප්රතිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුලත් විමට ගිය අවස්ථාවේ බද්දේගම පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන රෝහලට ඇතුලත් කර ඇත.
මෙසේ වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ තුඩුව,හබුරුගල පදිංචි පුද්ගලයෙකි.