― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකුලියට ගත් වාහන උකස්කර කැසිනෝ ක්‍රීඩා කළ අයෙක් අත්අඩංගුවට

කුලියට ගත් වාහන උකස්කර කැසිනෝ ක්‍රීඩා කළ අයෙක් අත්අඩංගුවට

කුලි පදනම මත වාහන ලබාගෙන ඒවා විවිධ පුද්ගලයන්ට උකස්කර කැසිනෝ ක්‍රීඩා කළ පුද්ගලයෙකු පන්නල පොලිසිය විසින් ඊයේ(11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් වාහන 7 කට අධික ප්‍රමාණයක් මෙලෙස කුලි පදනම් මත ලබා ගෙන ව්‍යාජ ලේඛන සකසා උකස් තබා මුදල් ලබා ගෙන ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇතැයි පොලිසිය පවසනවා.

මිගමුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු ව්‍යාජ ලේඛන සකස් කර තිබූ වාහනයක් වාරියපොල ප්‍රදේශයේ කාන්තාවකට ලක්ෂ 30කට උකස් කර තිබියදී සොයාගෙන ඇත.

සොරබඩු ළඟ තබා ගැනීම් සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කළ එම කාන්තාව ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය
පවසයි.