― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයතුරුපැදිය තාප්පයක හැපී ගුරුවරයෙකුට දිවි අහිමි වෙයි

යතුරුපැදිය තාප්පයක හැපී ගුරුවරයෙකුට දිවි අහිමි වෙයි

හබරාදුව මිහිරිපැන්න ප්‍රදේශයේදි යතුරු පැදියක් නිවසක තාප්පයක හැපි යතුරුපැදියේ ගමන් ගත් ගුරුවරයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අද (12) සවස මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කොටවිල මහා විදුහලේ ගුරුවරයෙකු වන දොඩන්ගොඩ පුහාඹුගොඩ පදිංචි කත්‍රි ආරච්චිගේ මංගල ප්‍රේමලාල් නමැති 45 හැවිරිදි ගුරුවරයෙකි.

ඔහු අද දහවල් යතුරු පැදියෙන් මාතර දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදි යතුරු පැදිය පාර අයිනේ නිවසක තාප්පයේ හැපිමෙන් අනතුර සිදුව ඇති අතර පසුව බරපතල තුවාල ලබාසිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙනු පසු මියගොස් ඇත.

මියගිය අයගේ මරණ පරික්ෂණය හෙට කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිත අතර හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.