― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑක්දරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

එක්දරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

කොස්ගොඩ, කයිකාවල, ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු මවක් සිය නිවසේ මිදුලේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ කේ.බී. චාන්දනී නම් මෙම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිටින අතර, සිට 12 හැවිරිදි දියණිය සමග නිවසේ සිටියදි ඇය මෙලෙස ඝාතනයට ලක්ව තිබුණා.

දියණිය පාසල් යාමට පිටත්ව ගිය පසු අද (12) උදෑසන 6.50ත් 7.05ත් අතර කාලය තුළ මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකෙරුණු අතර, මෙතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නැහැ.