31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldට්‍රම්ප්ට එරෙහි නඩුව අද කැඳවයි

ට්‍රම්ප්ට එරෙහි නඩුව අද කැඳවයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුව අද (13) කැඳවීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඊයේ (12) ෆ්ලෝරීඩා වෙත ළඟා වී ඇති බවයි.

රහසිගත රාජ්‍ය ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා 37ක් ගොනු කිරීමට එරට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මේ පිළිබඳව නිවේදනය කරමින් අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා 2021 වසරේදී ධවල මන්දිරය හැර යාමත් සමග අමෙරිකාවේ වඩාත්ම සංවේදී ආරක්ෂක රහස් කිහිපයක් දැඩි අවදානමට ලක් කළ බවයි.

ඒ අනුව එරට රහස්‍ය න්‍යෂ්ටික ව්‍යපෘති ඇතුළු රහසිගත ලේඛන ඔහු අවභාවිත කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව තිබූ ඇතැම් ලේඛන රජයේ නිලධාරීන් සොයාගැනීම වැළක්වීමට එම ලේඛන ඔහු ෆ්ලොරීඩාවේ ඔහුට අයත් නිවාඩු නිකේතනයක සැඟ වූ බව ද පිටු 49 කින් යුතු මෙම අධිචෝදනා පත්‍රයේ දැක්වේ.

මෙම චෝදනාවලට වරදකරු වුවහොත් 77 හැවිරිදි ට්‍රම්ප් වසර 20ක සිර දඬුවමකට යටත් විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.