මහනුවර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල යළි ඩෙංගු රෝගය උත්සන්න වන තත්ත්වයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ දිනවල ඇදහැලෙන වර්ෂාපතනයත සමඟ ඉදිරියේදී මෙම තත්ත්වය වැඩි විය හැකි බවයි එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පැවසුවේ.
දිවයින පුරා මේ වනවිට ඩෙංගු රෝගීන් 43,346 දෙනෙක් වාර්තා වන අතර ඉන් 21,654 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි.