29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකානු, ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

ඇමරිකානු, ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව ඇතුළු සමහර රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි දිගින් දිගටම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන තම ජාතිකයින්ට ප්‍රවේශම් වන ලෙසයි එම රටවල් දිගින් දිගටම උපදෙස් දී ඇත්තේ. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද එක්සත් ජනපද සංචාරක උපදේශනයකට අනුව ඉන්ධන, ඖෂධ හිඟය සහ සිවිල් ගැටුම් හේතුවෙන් සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී වැඩිපුර ප්‍රවේශම් විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධ විරෝධතා ඕනෑම අවස්ථාවක ඇති විය හැකි බවයි එක්සත් ජනපදය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

ඇතැම් අවස්ථාවලදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කළ බව පවසමිනුයි ඔවුන් මෙම අනතුරු ඇඟවීම කර තිබෙන්නේ.

මේ අතර ඔස්ට්‍රේලියාව පසුගිය නොවැම්බර් මස නිකුත් කළ සංචාරක අනතුරු ඇඟවීම අදටත් ක්‍රියාත්මකයි.

සිවිල් ගැටුම්, ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩ හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින තම පුරවැසියන් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව එහි සඳහන් වේ.