― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාහන ආනයනය ගැන ළඟදීම තීරණයක්

වාහන ආනයනය ගැන ළඟදීම තීරණයක්

වාහන ආනයනය ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන සීමා පැනවීම හේතුවෙන් අයවැයෙන් අපේක්ෂා කරන ආදායමට ළඟාවීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබාදිය හැකි දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා එහි සභාපති මහින්දානන්ද අලුත්ගමගේගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.

එහිදී රේගු නිලධාරීන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ආනයන සීමා පවතින තෙක් බලාපොරොත්තු වන ආදායමට ළඟාවිය නොහැකි බවය.

මෙම තත්ත්වය යටතේ මෙම වසර තුළ ලබාගත හැකි ආදායම ලෙස රුපියල් බිලියන 783ක් පුරෝකතනය කළ හැකි බව ද එම නිලධාරීන් පවසා තිබේ. එමෙන්ම රේගුවට ලැබෙන ආදායමෙන් සියයට 20ක පමණ ප්‍රමාණයක් වාහන ආනයනයේ දී පනවන බදු හේතුවෙන් ලැබෙන අතර සීමා පවතින තෙක් බලාපොරොත්තු වන ආදායමට ළඟාවිය නොහැකි බව රේගු නිලධාරීන් එහිදි පෙන්වා දී ඇති බව සඳහන්ය.

වසර තුනක පමණ කාලසීමාවක සිට වාහන ආනයනය සීමා වී ඇති බැවින් රේගුවේ ආදායම අඩු වී ඇති බවත් මෙම මස සිට වාහන ආනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 06 ඇතුළත රුපියල් බිලියන 150ක් වාහන ආනයනනයේ දී බදු ලෙස ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබේ.