― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋපාධිධාරීන් 5,500ක් ළඟදීම ගුරු සේවයට

උපාධිධාරීන් 5,500ක් ළඟදීම ගුරු සේවයට

තවත් උපාධිධාරී ගුරුවරුන් 5,500ක් නුදුරේදීම ගුරු සේවයට බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

භෞතික සම්පත් සමගම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට ලබන 16වැනිදා නව පත්වීම් ලබා දෙන අතර ම විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළව භාෂා මාධ්‍ය තුනෙන් ම උපාධිධාරී ගුරුවරුන් 5500ක්, වයස 35 නොයික්මවූ උපාධිධාරීන් අතරින් නුදුරේදී ම බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

එහෙත් භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි අතර ඒ සඳහා සිසුන්ගේ විනයගරුකභාවය අත්‍යවශ්‍ය වන බව ද ඔහු පෙන්වා දෙනවා. එමෙන් ම සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය වැනි වෙනත් විෂමාචාර හා අයෝග්‍ය හැසිරීම්, පාසල් තුළට ප්‍රවේශ වීමේ සියලු අවකාශ ඇහිරිය යුතු බවත් නව පරපුර අතර ඇති විනය විරෝධී හැසිරීම්, විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය වැනි ආගමික නැඹුරුවක් සහිත ආකල්පමය හා අවබෝධාත්මක වෙනසක් හරහා වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයාගේ අදහසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාසල් පරිපාලනය සඳහා විදුහල්පතිවරයාට නිදහස තිබිය යුතු බවයි. පාසල් සංවර්ධන සමිති හා ආදිශිෂ්‍ය සංගම් ඒ සඳහා අනිසි ලෙස මැදිහත්වීම නුසුදුසු වන අතර තමා එවැනි දෑ කිසි සේත් අනුමත නොකරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.