― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට දැනුම්දීමක්

2023 වසර සඳහා ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවන අතර එම කටයුතු වෙනුවෙන් ග්‍රාම නිලධාරීවරයා මේ දක්වා නිවෙස් වෙත නොපැමිණියේ නම් නොපමාව ඔවුන් අමතන ලෙසට මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙනවා.

2023 පෙබරවාරි මස පළමුවන දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන එනම් 2005 වසරේ ජනවාරි 31 හෝ ඊට පෙර උපන් අය ප්‍රධාන නාම ලේඛනයට ඇතුලත් වීමට සුදුසුකම් ලබන බවයි කොමිසම පෙන්වා දෙන්නේ.

ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත්‍රයක් (BC ආකෘති පත්‍රයක්) සෑම නිවසකටම ලබා නොදෙන අතර දැනට වලංගු නාම ලේඛනයෙහි එක් එක් ගෘහය යටතේ නම් ඇතූළත් ඡන්ද හිමියන්ගේ ලැයිස්තුවක් ග්‍රාම නිලධාරී නිවසට රැගෙන එන අතර එහි නිරවද්‍යතාව තහවුරු කර ගෘහ මූලික හෝ වැඩිහිටියෙකු එම ලැයිස්තුවෙයි අත්සන් තැබිය යුතුයි.

එම ලැයිස්තුවෙහි නම් සඳහන් තැනැත්තන් තවදුරටත් එම ලිපිනයේම සාමාන්‍ය පදිංචිව සිටින්නේ නම් වෙනත් කිසිදු ආකෘති පත්‍රයක් සම්පූර්ණ කළ යතු වන්නේ නැහැ.