26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමුළුවකට එංගලන්තයට ගිය පොලිසියේ 04ක් අතුරුදන්

සමුළුවකට එංගලන්තයට ගිය පොලිසියේ 04ක් අතුරුදන්

සමුළුවකට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සිවුදෙනෙක් එරටදී අතුරුදන් වී තිබේ.

මොවුන් ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමුළුවකට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියට ගොස් ඇති අතර පසුහිය 04 වැනිදා ඔවුන් නැවත රාජකාරියට වාර්තා කළ යුතුව තිබූ බවත් එහෙත් මෙතෙක් මෙරටට පැමිණ ඇත්තේ ඉන් දෙදෙනෙකු පමණක් බවත් පොලීසිය පවසයි.

මේ හේතුවෙන් ඔවුන් සිව්දෙනාට සේවය අතහැර යෑමේ නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් රාජධානියේදී මෙලෙස අතුරුදන් වී ඇත්තේ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙකි.

පොලිසිය සඳහන් කරන්නේ මෙම නිලධාරීන් මෙම සමුළුවට සහභාගි වීමට ගොස් ඇත්තේ මෙරට පිහිටි ජාත්‍යන්තර පොලිස් සංගමය නියෝජනය කරමින් බව‍යි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙරටට පැමිණ නැති නිලධාරීන්ගෙන් කිහිපදෙනෙකු පොලිස් මූලස්ථානයෙන් වසර 05ක නිවාඩු ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් පොලිස් මූලස්ථානය විසින් අනුමත කර නොමැති බවයි.