― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවන අලි ප+හරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වන අලි ප+හරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ගල්කිරියාගම උල්පතගම පරණගම වැව් ඉස්මත්ත ප්‍රදේශයේදී අද අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක් වී ඇත්තේ පරණගම වැව ඉස්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 74ක් පමණ වන දෙදරු පියෙක්.

තම ගෙවත්තේ පිහිටි කෙසෙල් පඳුරක් විනාශ කරමින් සිටි වන එලවා දැමීමට ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා වන අලියාගේ පහරදීමට ලක්ව ඇතැයි සඳහන්.

උල්පතගම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වන අලියා මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුටම පහරදී ඇති බවයි.

මෙම වන අලියා අල්ලා ප්‍රදේශයෙන් ඉවත් කරදෙන ලෙස ද ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.