― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාන්තාවන්ටත් රාත්‍රී සේවා මුර

කාන්තාවන්ටත් රාත්‍රී සේවා මුර

කාන්තාවන් රාත්‍රී සේවාමුර රාජකාරීවල නියැලීම විධිමත් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කාන්තාවන් දැනටත් රාත්‍රී සේවාමුරවල යෙදෙනවා නොයෙක් නොයෙක් ක්ෂේත්‍රයන්වල. හැබැයි සමහර කාන්තාවන් ක්ෂේත්‍රවල නිරතවීමට විරුද්ධවෙන්නේ නූතන ලෝකේ තේරෙන්නේ නැති අය. ඉතින් ඒ සමහර අයට නෙමෙයි. කාන්තාවෝ අද ඉල්ලනවා රෑට වැඩකරන්න ඉඩදෙන්නේ කියල. ඒක කාන්තාවන්ගේ ඉල්ලීමක්. ඒ අයගේ අයිතිය ආරක්ෂා කිරීමක්, අපි ඒක ලබාදෙනවා වගේම ඒ සඳහා වුවමනා කරන පහසුකම්, ප්‍රවාහන පහසුකම් ඒ වගේම ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව සම්පූර්ණ පහසුකම් අපි ලබාදෙනවා මිසක්. වැඩපළේදීවත් කොයිම තැනකදීවත් කාන්තාවකට අපහසුතාවයකට පත්වෙන්න ඉඩනොදී ඒ අය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම හැම තැනකම දිවා සුරැකුම් මධ්‍යස්ථාන හදලා. කාන්තාවන් වැඩට යද්දී දරුවන් බලාගැනීමේ වැඩසටහන හදනවා. අද දවසේ බුද්ධිමත් කාන්තාවන් ගෙවල්වලට වෙලා වැඩට යන්නේ නැතුව ඉන්නේ රස්සාවකට යන්න ආසාවක් නැතුව නෙමෙයි. මේ තියෙන අපහසුතා නිසා. ඒක නිසා ඕනෑම ලිංගිකත්වයකට සමානාත්මතාව අපි ලබාදෙනවා.