― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිමල්ගේ වත්කම් නඩුවට දින නියම වෙයි

විමල්ගේ වත්කම් නඩුවට දින නියම වෙයි

රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහි නඩුව 2017 වසරේ ගොනු කර තිබුනද එහි විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී ඇති හෙයින් එම නඩුව කැඳවීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අද (16) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙම ඉල්ලීම සිදුකළා.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ නෑ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවා දායකයාට වෛරස් උණ රෝගයක් ආසාදනය වී සිටින බවත් ඒ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව මෙම නඩුව යළි ජුලි මස 17 වනදා කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා විමල් වීරවංශ වෙත නොතීසි නිකුත් කරන ලෙසත් නියම කළා.

2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.