― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු මාස 03කින් නිම කිරීමට ජනපතිගෙන්...

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු මාස 03කින් නිම කිරීමට ජනපතිගෙන් උපදෙස්

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

මෙම ව්‍යාපෘතිය ප්‍රමාදවීමට බලපා ඇති කරුණු වෙන් වෙන්ව අධ්‍යයනය කරමින් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු අඩාලවීමට ජනතා ගැටලු බලපා ඇත්නම් ඒවා විසඳා ගැනීමට මැදිහත්වන ලෙස ද ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටස (Low level Road) අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.

විදේශාධාර මත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර සමස්ත මාර්ග කොටසේ දිග කිලෝ මීටර් 7.7කි. 2023 මැයි මාසය වන විට මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවල භෞතික ප්‍රගතිය 85%ක් වන අතර දෙවන අදියරේ ඉදිකිරීම්වල භෞතික ප්‍රගතිය 80%ක් ලෙස වාර්තා වේ.

2016 ජනවාරි මාසයේ දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය 2020 වසරේ දී අවසන් කිරීමට නියමිතව තිබුණද අදාළ කොන්ත්‍රාත් සමාගමේ දුෂ්කරතාවයන්, ව්‍යාපෘතිය නිසා ඉවත් කිරීමට සිදුවූ නිවාස සඳහා වන්දි ලබාදීම, අදාල මාර්ගය ඔස්සේ එලන ලද ජලනළ නිසා මතුවු ගැටලු හා වෙනත් පොදු ගැටලු කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශය ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න, ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්.එස්. සමරදිවාකර යන මහත්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීන් සහ අදාළ කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.