ගලෙන්බිඳුනුවැව මූලික රෝහලේ සේවය කරන සාත්තු සේවිකාවන් දෙදෙනකු එකිනෙකාට පහරදීම් සිදුකර ගැනීම නිසා දෙදෙනාම තුවාල ලබා එම රෝහලේම වාට්ටු දෙකක ප්රතිකාර ලබමින් පසුවන බව ගලෙන්බිඳුනුවැව පොලීසිය පවසයි.
සත්තු සේවිකාවක් උදෑසන රාජකාරියට වාර්තා කිරීමෙන් පසු රාජකාරි වේලාව තුළ දී ඇයගේ දරුවා රැගෙන ඒමට පාසලට පිටත්ව යෑම සම්බන්ධයෙන් හටගත් කතාබහක් දුරදිග යෑම මෙම සිද්ධිය සිදුවීමට හේතු වී ඇති බවට පොලිසිය පවසනවා.