30 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝප වූ මාමන්ඩි අතින් බෑණා අවසන් ගමන් යයි

කෝප වූ මාමන්ඩි අතින් බෑණා අවසන් ගමන් යයි

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ මාමණ්ඩිය සිය බෑනාට උදැල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

එම ඝාතනයෙන් මියගොස් ඇත්තේ අංක 81, රොටවැව, ගල්ඔය හන්දිය, පදිංචි වීරවර්ධන බණ්ඩාරනායකගේ ඉෂාර ඔෂද බණ්ඩාරණායක නමැති 32 හැවිරිදි දෙදරු පියෙක් බව මින්නේරිය පොලිසිය සඳහන් කළේ ය.

මරණකරු දිනපතා බීමත්ව තම බිරිදට  රණ්ඩුකර තිබෙනව.පසුගියදා මරණකරු සිය බිරිද සමග රණ්ඩු කර පියාගේ නිවසට දරුවන් ද රැගෙන ගොස් තිබෙනවා.

එහිදි ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් උදැල්ලකින් මාමා විසින් බෑනාගේ හිසට පහරදී ඇත.

එයින් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත් වී ඇති බව විමර්ශනවල දි අණාවරනය වීය.