― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිදියහනේ නිදා සිටි සැමියාට බිරිඳ ගිනි තියලා

නිදියහනේ නිදා සිටි සැමියාට බිරිඳ ගිනි තියලා

බිරිඳ විසින් සැමියාට ගිනි තැබීමේ පුවතක් මොරටුමුල්ල, සමරකෝන් ඉඩම ප්‍රදේශයෙන් අදා (18) අලුයම වාර්තා වනවා.

අදාළ බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ කලක සිට පවත්වාගෙන යන අනියම් සම්බන්ධතාවක් මත මෙම අඹුසැමි යුවළ අතර නිතර ආරවුල් හටගන්නා බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ඇති වූ ආරවුලකින් පසු සැමියා නිදා සිටින අවස්ථාවේ දී බිරිඳ විසින් අද අලුයම තුනට පමණ ඔහුට ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කකුල් දෙක ප්‍රදේශ පිළිස්සුම් තුවාල ලැබූ සැමියා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සැකකාර බිරිඳගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඇය පවසා ඇත්තේ, සැමියා විසින් තමන්ට පොරවකින් පහරදුන් අවස්ථාවේ තමන් මිය ගිය බව සිතා ඊට බිය වී ඔහු විසින්ම ඔහුට ගිනි තබා ගෙන ඇති බවයි.