26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඇරඹේ

පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඇරඹේ

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (17) සහ අද (18) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මෙම සමාරම්භක අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරුන් සහභාගී වූහ.

ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරු නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 131 දෙනෙකු සමාරම්භක සැසිවාරය සදහා සම්බන්ධ විය.

එහි අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ මහතා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කළේය.

තරුණ පාර්ලිමේන්තුවේ කථානායකතුමිය කැටුව වේත්‍රධාරී විසින් සෙංකෝලය රැගෙන සභා ගර්භයට පිවිසීමෙන් අනතුරුව පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කෙරිණි.

ඊයේ (17) සහ අද (18) දෙදින පැවැති සැසි වාරයේදි යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත පිළිබඳ විවාදයට ගැනිණ.