― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාන් මිල රුපියල් 10කින් අඩු කරන්න - බේකරි හිමියන්ට රජයෙන් යෝජනාවක්

පාන් මිල රුපියල් 10කින් අඩු කරන්න – බේකරි හිමියන්ට රජයෙන් යෝජනාවක්

ඩොලරයට සාපේක්ෂව බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ගණන් අඩු නොවීම හේතුවෙන් තම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම නොහැකි වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

අද (18) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර තිරිඟු පිටි සමාගම්වලින් කිසියම් සහනයක් බේකරි හිමියන්ට ලැබෙනු ඇති බවට තමන් බලාපොරොත්තුවන බව ඔහු මෙහිදී පැවසුවා.

එලෙස පිටි සමාගම්වලින් සහනයක් ලැබුනහොත් පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ලබන බදාදා වනවිට අඩු කිරීමට හැකිවනු ඇති බවට සීයට අනූවක පමණ විශ්වාසයක් පවතින බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර රුපියල් 160කට පවතින පාන් රාත්තල සහ අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10කින් අඩු කිරීමට තම තීරණය වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා අද (18) මේ බව පැවසූ අතර, ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල කඩිනමින් රුපියල් 10කින් අඩුකළ යුතු බවට අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේ දී තිරිඟු පිටි මිල වැඩි කිරීමක් සිදුකරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබාගත යුතු බව ද වෙළෙඳ අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළා.