― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙමාපියන්ගේ වදේ ඉවසන්න බැරුව නිවසින් පළා ආ සිසුවා

දෙමාපියන්ගේ වදේ ඉවසන්න බැරුව නිවසින් පළා ආ සිසුවා

මව සහ පියාගේ පහරදීම් හමුවේ නිවසින් පලාගොස් හැටන් දුම්රිය ස්ථානයේ රැදී සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් අද (19) උදෑසන හැටන් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් සිසුවා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ පැමිණ හැටන් දුම්රිය ස්ථානයේ බැස එහි රැඳී සිටියදී යි මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ.

තම මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් තමන් පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැඳී සිටිමින් පාසල් අධ්‍යාපනය හදාරා ඇති බවයි ඔහු පවසා ඇත්තේ. 10 වන වසරේ පාසල් අධ්‍යාපනය ලබමින් සිටිය දී මව්පියන් පාසලෙන් ද තමන් අස්කරගත් බවත් මෙම සිසුවා පොලිසියට පවසා තිබෙනවා.

ඉන් අනතුරුව අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සහ පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැඳී සිටින අවස්ථාවේදී පියා විසින් නිවසින් පිටව යන ලෙස බලපෑම්කර ඇති බවයි මෙම සිසුවා වැඩිදුරටත් පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ.

සිසුවා තවදුරටත් සදහන් කර ඇත්තේ එම අවස්ථාවන්වලදී තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවත් මවගේ සහ පියාගේ මෙම වද හිංසාවන් ඉවසාගත නොහැකිව පසුගිය 17 වනදා අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රියෙන් පැමිණි බවයි. එහිදී පානදුර පිහිටි මිත්තණියගේ නිවසට යාම සඳහා තමන් බදුල්ල දුම්රියට වැරදිමකින් ගොඩ වී ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මවගෙන් සහ පියාගෙන් සිදුවන වද හිංසා හේතුවෙන් තමන්ට යළිත් නිවසට යාමට නොහැකි බවයි මෙම සිසුවා පොලිසිය පවසා ඇත්තේ. පොලිස් භාරයට ගත් පාසල් සිසුවාගේ ශරීරයේ පහරදුන් බවට සැක කෙරෙන තුවාල කිහිපයක් නිරීක්ෂණය වීමත් සමඟ ඔහුව දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

පරිවාසය හරහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිසුවා භාරදෙන බවත් සිසුවාගේ භාරකරුවන්ට හැටන් පොලිසිය වෙත පැමිණෙන ලෙස ද දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.