25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමීළඟ කොරෝනා ප්‍රභේදය ගැන අනාවරණයක්

මීළඟ කොරෝනා ප්‍රභේදය ගැන අනාවරණයක්

මීළඟ කොවිඩ් ​වයිරස් ප්‍රභේදය එහි මූලික ප්‍රභේද සියල්ලටම වඩා දරුණු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය මාරියා වැන් කර්කෝව් ඇතුළු කණ්ඩායමක් ප්‍රකාශ කර තිබේ.

ඇගේ මතය අනුව මෙම නව ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යා හැකි අතර එය කොවිඩ් එන්නත්වලට යහපත් ප්‍රතිචාර නොදක්වනු ඇත. නමුත් එන්නත් ලබා සිටීම මගින් එහි මාරාන්තික තත්ත්වය අඩු කරගත හැකි බව ඇය පවසයි.

මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය මුලින්ම සොයාගත්තේ 2020 ඔක්තෝබරයේදී ඉන්දියාවෙනි. එය ඇල්ෆා ප්‍රභේදයට වඩා 50%ක් වැඩියෙන් ආසාදනය වීමේ හැකියාවක් පෙන්නුම් කළේය.

එසේම කොරෝනා වයිරස සියල්ලේම මූලික ප්‍රභේදය වන SARS – COV – 2 ට වඩා ද 50%කින් ආසාදිත වේගය වැඩි විය. ඩෙල්ටා ප්‍රභේදය මාස හයක් තුළ ඉන්දියාවට ප්‍රබල ව්‍යසනයක් සිදු කළේය. 2021 ජුනි වන විට එය බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය, රුසියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රාශියකම ප්‍රමුඛ කොවිඩ් වයිරසය බවට පත්වී තිබිණ.

2021 නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් ප්‍ර්‍රභේදය ඉතා ඉක්මනින් ව්‍යාප්තියක් පෙන්නුම් කළේ ඩෙල්ටා ප්‍රභේදයට වඩා සිවු ගුණයක ආසාදන තත්ත්වයක් පෙන්වමිනි. එය මාරාන්තික බව අතින් ඩෙල්ටා ප්‍රභේදයට වඩා අඩු වුවද එන්නත්වලට දැක්වූයේ අඩු ප්‍රතිචාරයකි. ඒ අනුව වෛද්‍යවැන් කර්කොව්පවසන්නේ වයිරසවල තත්ත්වය සුළුවෙන් තක්සේරු කළ නොහැකි බවයි. නමුත් දකුණු අප්‍රිකාවේ ස්ටීව් බිකෝ රෝහල ආශ්‍රිතව කරන ලද අධ්‍යයනයක් මගින් ඉදිරි කාලයේදී ​කොවිඩ් වසංගතය අඩු වී යන ආකාරයක් හඳුනා ගැනීමට හැකි වී තිබේ.