28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහොර වීසා හැදූ සජබ මන්ත්‍රීගේ මල්ලි අත්අඩංගුවට

හොර වීසා හැදූ සජබ මන්ත්‍රීගේ මල්ලි අත්අඩංගුවට

ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සැකසූ පුද්ගලයෙක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.එච්.ඒ හලීම්ගේ බාල සොහොයුරෙකු බවයි පොලීසිය පවසන්නේ.

වයස අවුරුදු 58ක් වන මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු ඩුබායිහි රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරදී ලක්ෂ ගණනක මුදල් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා විසින් ලබා දී තිබූ ගමන් බලපත්‍ර පොලිසිය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට යොමු කර තිබූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර වන බවයි.