― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගාල්ලේ පාසල් 200කට ස්මාට් පන්ති කාමර

ගාල්ලේ පාසල් 200කට ස්මාට් පන්ති කාමර

ගාල්ල දිස්ත්‍රික් පාසල් 200 ක විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට එලඹ තිබෙනවා.

ඒ ඉන්දියාවේ මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ යන මහත්වරු සමඟයි.

ඉන්දීය රජයේ ප්‍රධාන ආධාර හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය, අඩු වරප්‍රසාද සහිත ප්‍රදේශවල පාසල්වලට යන සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම අරමුණු බවත් මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉන්දීය රජය කරන ප්‍රධාන ව්‍යාපෘති කිහිපයෙන් එකක් බවත් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සමස්ත සංවර්ධන ආධාර දැනට ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් හෙවත් ඩොලර් කෝටි 500 ක් පමණ වන අතර ඩොලර් මිලියන 600 කට ආසන්න ප්‍රදානයන් එයට ඇතුළත් බවත් දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා ප්‍රධාන ව්‍යාපෘති 65 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් කර ඇති බවත් ප්‍රධාන ව්‍යාපෘති 20කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ විවිධ අදියරවල පවතින බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යලය සඳහන් කර සිටි