32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසමුළුවකට ප්‍රංශයට ගිය පොලිස් නිලධාරියෙක් අතුරුදන්

සමුළුවකට ප්‍රංශයට ගිය පොලිස් නිලධාරියෙක් අතුරුදන්

පොලිස් සංගමයේ සැසියකට සහභාගී වීම සඳහා ප්‍රංශයට ගිය පොලිස් නිලධාරියෙකුට සේවය අතහැර යෑමේ නියෝගයක් නිකුත් කර ඇති බව පොලීසිය පවසයි.

මෙම පොලිස් නිලධාරියා විදේශගතවීමට නිවාඩු ලබාගෙන අදාළ දිනට නොපැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ.

අදාළ නියෝගය බස්නාහිර පළාත් උතුර රථවාහන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කර ඇති අතර මීර දින කිහිපයකට පෙරද ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 වන සාංවත්සරික සැමරුම සඳහා බ්‍රිතාන්‍යය බලා ගොස් නැවත මෙරටට නොපැමිණි පොලිස් නිලධාරීන් 4 දෙනාගේද සේවය අත්හිටුවීමට පොලීසිය කටයුතු කළේය.