28.4 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ගැටලුවට විසඳුම් සොයා කුකුළු පැටවු ලක්ෂයක්

බිත්තර ගැටලුවට විසඳුම් සොයා කුකුළු පැටවු ලක්ෂයක්

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බිත්තර ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට කුකුළු පැටවුන් 2,300ක් බෙදා දෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉදිරි මාස 4ක කාලය තුළ සමස්ත පාරිභෝගික ජනතාව වෙත ලැබෙනු ඇති බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ සංකල්පයක් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.