26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්ද්‍රව්‍ය භාවිතා කළ භික්ෂුවකට වසරක පුනරුත්ථාපනයට

මත්ද්‍රව්‍ය භාවිතා කළ භික්ෂුවකට වසරක පුනරුත්ථාපනයට

හෙරොයින් නිදි පෙහි සහ මත්පැන් පානය කළ බවට අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කළ භික්ෂුව විසරක කාලයක් සුදුසු පුනරුත්ථාපන කඳවුරකට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාන් තිළිණ ගමගේ මහතා අද (20) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

මෙලෙස නියෝග කරනු ලැබුවේ කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ භික්ෂුවකි.

පෙරේදා (19) කොල්ලුපිටිය මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එම ක්‍රිරෝද රථයේ සිටි භික්ෂුවක් මත්පැන් පානය කර ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂාවකදි භික්ෂුවගේ පාත්තරයේ හෙරොයින් මිලි ග්රෑම් 40ක් සහ ගංජා මිලි ග්රෑම් 200ක් සොයා ගෙන තිබෙනවා.

සැකකාර භික්ෂුව අධිකරණ වෛද්‍යවරයාට යොමු කිරීමෙන් අනතුරුව මත්පැන් නිදිපෙති සහ හෙරොයින් පානය කර ඇති බවට වාර්තා වූ බව සැකකාර භික්ෂුව ඉදිරිපත් කරමින් කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.