― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපෙම්වතාට හෙල්මට් එකක් ගන්න ගිය තරුණියට අතවරයක්

පෙම්වතාට හෙල්මට් එකක් ගන්න ගිය තරුණියට අතවරයක්

තම පෙම්වතාට හෙල්මට් එකක් අරන් දීමට එකතු කරගත් රුපියල් 8000ක මුදලක් අතැතිව සිටි තරුණියක රවටා පැහැරගෙන ගොස් දූෂණය කර ඇය අත තිබූ මුදල් ද පැහැරගෙන පළා ගිය බව කියන තරුණයෙක් මාදම්පේ පොලීසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩිගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

තරුණියගේ අතින් ඇයගේ පෙම්වතාගේ හෙල්මට් එක පසුගිය දිනෙක බිම වැටී කැඩී යාම නිසා අලුතින් හෙල්මට් එකක් ඔහුට අරන් දීමට ඇය තීරණය කරතිබෙන අතර පාසල් යන වයසේ පසුවන ඇයට හෙල්මට් එකක් ගැනීමට තරම් මුදල් නොමැති බැවින් ඇය දන්නා කියන අයගෙන් මුදල් ඉල්ලා ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය 18 වෙනිදා කරවිටාගාර සිට කාක්කපල්ලිය දක්වා මාර්ගය දිගේ ඇය දන්නා කියන අයගෙන් මුදල් ඉල්ලා එකතු කරමින් යන අතරතුර එම මාර්ගය අසල තැඹිලි විකුණමින් සිටි වෙළෙන්දකුගෙන් ද ඇය සිද්ධිය පවසා මුදල් ඉල්ලා තිබේ.

තරුණිය තැඹිලි වෙළෙන්දාට සිද්ධිය පවසන අවස්ථාවේ එතැන තවත් තරුණයකු සිට ඇතත් ඔහු පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී නැත.

තරුණිය බස් රථයකින් කාක්කපල්ලිය හන්දිය දක්වා ගොස් බසයෙන් බසින විට තැබිලි කඩේ ළඟ සිටි තරුණයා ද එතැනට පැමිණ තිබේ.

ඔහු තරුණිය සමග කතාවට වැටි තව කොපමණ මුදලක් අඩු දැයි තරුණියගෙන් විමසා ඇති අතර එම මුදල තමාට ලබා දිය හැකි බව පවසා තිබේ.

එම මුදල් ලබාදීම සඳහා තමා සමඟ පැමිණෙන ලෙස තරුණියට පවසා ඇති සැකකරු තරුණිය ද කැඳවාගෙන නැවත මැදගම පනිරෙන්ඩාව ප්‍රදේශයට ගොස් පනිරෙන්ඩාව ප්‍රදේශයේ ඇති පාලු පාළු නිවසකට රැගෙන ගොස් තරුණියව දූෂණය කර තිබේ.

තරුණිය දූෂණය කිරීමෙන් පසු ඇය අත තිබූ රුපියල් 8000 ක මුදල ද පැහැරගෙන අදාළ සැකකරු පලාගොස් ඇත.

පසුව තරුණිය තම නිවසට ගොස් දෙමාපියන්ට සිද්ධිය පවසා ඔවුන් සමඟ මාදම්පේ පොලීසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත.

අදාළ තරුණිය තම පෙම්වතාව හමුවීම සඳහා හලාවත බස් නැවතුම්පොලට ගිය අවස්ථාවේදී සිද්ධියට අදාළ සැකකරු බස් නැවතුම්පපොලේ සිටිනු දැක තරුණිය ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමෙන් පසු පොලීසිය  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.