― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජාංගණේ හිමියන්ගේ ගිණුමේ කෝටි 8ක්

රාජාංගණේ හිමියන්ගේ ගිණුමේ කෝටි 8ක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුමක රුපියල් කෝටි අටක මුදලක් තැම්පත් කර ඇති බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ රාජාංගණය හිමිගේ බැංකු ගිණ්Uම් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදීය.

මෙම රුපියල් කෝටි අටක මුදල ගෝතමාලාවේ බැංකු ගිණුමකින් මෙරටට එවා ඇථි අතර ගෝතමාලාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම මුදල් එවීම පසුපස සිටීද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන අරඹා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

එංගලන්තයේ සිටින පින්සිරි නමැති අයකු විහාරස්ථානය සංවර්ධනයට රුපියල් කෝටි අටක් එවා ඇති බවත් ටෙලි නළුවකු මෙම මුදල් ගනුදෙනුව පසුපස සිටින බවත් මෙම විමර්ශනයේදී හෙළි වී ඇත.

එම තොරතුරුවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් රාජාංගණයට ගොස් විහාරස්ථානය සංවර්ධනයක් සිදුකර ඇත්දැයි සොයා බලා ඇති අතර එහිදී රුපියල් ලක්ෂ පනහක මුදලක්වත් විහාරස්ථානයේ සංවර්ධනයට යොදවා නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම හිමියන් අනුරාධපුරයේ බැංකුවල ඇති ගිණුම් දෙකකින් රුපියල් පන්දහසේ නෝට්ටුවලින් රුපියල් ලක්ෂ අටක් ගෙන ගම්වාසීන්ට බෙදා දී ඇතැයි හෙළි වී තිබේ.