කොවිඩ් වැළඳුණු සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රධාන අවයව හා පද්ධති ආශ්රිත රෝගයකට ගොදුරු වී ඇති බව අමෙරිකාවේ සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
2020 වසරේ අප්‍රේල් 01 වැනිදාට පෙර කොවිඩ් වැළඳුණු වයස අවුරුදු 65ට වැඩි අමෙරිකානුවන් එක්ලක්ෂ තිස් තුන්දහසකට වැඩි පිරිසක් යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර ඇත.
ඔවුන් ප්‍රතිකාර ලබාගත යුතු බරපතළ රෝගී තත්ත්වයන් වන හෘදයාබාධ, වකුගඩු රෝග, පෙනහළු ආශ්රිත රෝග සහ අක්මාව ආශ්රිත රෝග වැනි බෝ නොවන සංකූලතාවන්ට ගොදුරු වන බව එහිදී අනාවරණය වී තිබේ.