ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලින් සියයට 29ක් සපුරා ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ.
කොළඹ පදනම් වූ තින්ක් ටෑන්ක් වෙරිටේ රිසර්ච් නම් පර්යේෂණ ආයතනය විසිනුයි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ.
එමෙන්ම පසුගිය මැයි මස අවසානය වනවිට රාජ්‍ය ආදායමට සම්බන්ධ ප්‍රධාන කාරණා 03ක් ඉටු කිරීමට ලංකාව අසමත් වී ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.1 දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් රුපියල් බිලියන 650 ක බදු ආදායමක් මේ වසරේ මැයි මස අවසානය වනවිට ලබා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති අතර ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ නැංවිය යුතු බවට නිර්දේශ ඉදිරිපත්ව තිබුණත් එයද මෙතෙක් සිදු කිරීමට සමත් වී නොමැති බව එම වාර්තාවේ දැක්වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාකච්ඡාවේදී එකඟ වූ පරිදි නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දීම ශ්‍රී ලංකාව ඉටු නොකළ අනෙක් කරුණ ලෙසයි ඔවුන් දක්වා ඇත්තේ.
මැයි මස අග වනවිට මාර්ගගත මූල්‍ය විනිවිදභාවයෙන් යුත් පද්ධතියක් සැකසීමේ කටයුතු ශ්‍රී ලංකාව අර්ධ වශයෙන් සම්පූර්ණ කර ඇති බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.