― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතමන් නිසා කරදරයට පත්වූවන්ගෙන් සමාව ඉල්ලා ජනප්‍රිය ගායකයා ජීවිතයෙන් සමුගනී

තමන් නිසා කරදරයට පත්වූවන්ගෙන් සමාව ඉල්ලා ජනප්‍රිය ගායකයා ජීවිතයෙන් සමුගනී

Choi Sung-bong නමැති දකුණු කොරියානු ජනප්‍රිය ගායකයා සියදිවි හානිකරගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියයන විට ඔහු 33 හැවිරිදි වියේ පසුවු බව සඳහන්.

ඔහු තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවට මීට පෙර ඔහු ව්‍යාජ රඟපෑමක් සිදුකර ජනතාවගෙන් මුදල් එකතු කර ඇති බවට අනාවරණය වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සියදිවි හානිකරගැනීමට පෙර එම සිදුවීම සම්බන්ධයෙන් තමන් සමාව ඇයද සිටින බවට සඳහන් සටහනක් යූ ටියුබ් වෙත එක්කර තිබූ බවයි.

එම සටහන මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තමන් නිසා කරදරයට පත්වූවන් පිළිබඳව කණගාටුවට පත්වන බවය. 2011 වසරේදී එරට ජනප්‍රිය නාලිකාවක ගායන තරගාවලියකින් ඔහු රසිකයින් අතරට පැමිණියේයය.