26 C
Colombo
Sunday, November 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාවික හමුදා සෙබළෙක් නිදි යහනේදී ජීවිතක්ෂයට

නාවික හමුදා සෙබළෙක් නිදි යහනේදී ජීවිතක්ෂයට

තලෙයිමන්නාරම ඌරුමලේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරන නාවික සෙබළකු නිදි ඇඳ මත මියගොස් සිටියදී සොයාගත් බව තලේමන්නාරම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි දිනේෂ් මදුෂාන් ජයසේකර නැමැති නාවික හමුදා සෙබළෙකි.

මෙම නාවික සෙබළා ඊයේ උදෑසන රාජකාරියට වාර්තා කිරීමට යෑමට නොපැමිණි නිසා නිලධාරීන් ඔහුට කතා කිරීමට ඔහු නිදාගෙන සිටි ස්ථානයට ගොස් ඇති අතර මෙම නාවික සෙබළා අවදි නොවූ නිසා පරීක්ෂා කර බැලීමේදී ඔහු මියගොස් ඇති බව දැක ඒ බව පොලීසියට පැමිණිලි කර ඇත.

සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලිසිය කටයුතු යොදා තිබේ.