― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනවලට රැවටෙන්න එපා

ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනවලට රැවටෙන්න එපා

තමන්ගේ නම භාවිතා කරමින් හෝ තමන්ගේ ඥාතියෙක් හෝ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් බව පවසා විදේශ රැකියා සදහා මුදල් එක් රැස් කරන පුද්ගලයින්ට මුදල් ලබා නොදෙන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජනතාවගෙන් ඉල්ලයි.

අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමන්ගේ පවුලේ කිසිදු අයෙක් හෝ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ කිසිදු නිලධාරියෙක් විදේශ රැකියා නියෝජිත ආයතන පවත්වාගෙන යාමේ ව්‍යාපාරයකට සම්බන්ධවී නොමැති බවයි.

රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට හැකි වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් වන අතර එම ආයතන සමග පමණක් සම්බන්ධවී කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන්නේ.