26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනි අවි භාරදෙන්න සහන කාලයක්

ගිනි අවි භාරදෙන්න සහන කාලයක්

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ඔහු උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අනවසර හෝ බලපත්‍ර රහිත ගිනි අවි භාරදීම සඳහා 2023 ජූලි 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදී ඇති බව ද ඔහු සඳහන් කළා.

පසුගිය සති කිහිපය තුළ දකුණු සහ බස්නාහිර පළාත් දෙකෙන්ම වෙඩි තැබීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීමෙන් පසුවයි අමාත්‍යවරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ.