26.7 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර මෙන්න

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර මෙන්න

“The Economist” විසින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ඕස්ට්‍රියාවේ වියානා නගරයයි.

වසර 5ක් තුළ වියානා නගරය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ තුන්වන අවස්ථාව මෙය බව සඳහන්.

මෙම වාර්තාව සකස් කිරීමේදී ලොව නගර 173ක් විවිධ කරුණු මත ශ්‍රේණිගත කර තිබුණු අතර සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු යොදාගෙන තිබෙන බව සඳහන්.

එම ලැයිස්තුවේ මුල් නගර 10 පහත පරිදි වේ.

  1. වියානා – ඕස්ට්‍රියාව
  2. කෝපන්හේගන් – ඩෙන්මාර්කය
  3. මෙල්බර්න් – ඕස්ට්‍රේලියාව
  4. සිඩ්නි – ඕස්ට්‍රේලියාව
  5. වැන්කුවර් – කැනඩාව
  6. සුරික් – ස්විස්ටර්ලන්තය
  7. කැල්ගරි – කැනඩාව
  8. ජිනීවා – ස්විස්ටර්ලන්තය
  9. ටොරොන්ටෝ – කැනඩාව
  10. ඔසාකා – ජපානය