26 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතියක පමණ සිට අතුරුදන්ව සිටි සිසුවියන් දෙදෙනා සොයාගැනේ

සතියක පමණ සිට අතුරුදන්ව සිටි සිසුවියන් දෙදෙනා සොයාගැනේ

ඉඟිනියාගල ප්‍රදේශයේ සතියක පමණ සිට අතුරුදන් බවට වාර්තා වූ 16 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනා හමු වී ඇත.

පොලීසිය සඳහන් කර සිටියේ, මෙම සිසුවියන් දෙදෙනා කැළණිය – මීගහවත්ත ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී සොයා ගත් බවයි. මෙම සිසුවියන් දෙදෙනාම සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවද වාර්තා වනවා.

මෙසේ අතුරුදන්ව සිටියේ, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවන බී.ජී. අශානි වශ්මිකා සහ එෆ්.ආර්. පවීෂා නෙත්මිණි යන සිසුවියන් දෙදෙනයි.

පසුගිය 15 වැනිදා පවීෂා පාසලට යන බව මව්පියන්ට පවසා අශානිගේ නිවසට පැමිණ තිබුණේය.අශානිගේ පියා කොළඹ රැකියාවක නිරත අතර ඇය ජීවත්ව තිබෙන්නේ මිත්තණියගේ නිවසේයි. ඒ, කුඩා කාලයේදී ඇගේ මව ඇයව අතහැර ගොස් තිබීම හේතුවෙන්.

පසුගිය 15 වැනිදා උදෑසන නිවසට පැමිණි පවීෂා ද සමගින් ඇය නිවසින් පිටව ඇත්තේ උපකාරක පංතියට යන බව පවසමින්.මිත්තණියද රැක බලා ගනිමින් අශානි මෙම නිවසේ ජීවත්ව ඇත.

නමුත් මෙලෙස පිටව ගිය සිය දැරියන් නැවත නොපැමිණීමත් සමග පවීෂාගේ මව්පියන් සහ අශානිගේ මිත්තණිය ඉඟිනියාගල පොලිසියට පැමිණිල්ලක් කළ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විමර්ශණවලින් අනතුරුව මෙම තරුණියන් දෙදෙනා සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.