අපොස සාමාන්‍ය උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අවසන් වූ පසු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ජූලි මස අග සිට ඇගයීමට ලක් කළ හැකි බවයි ඔහු කියා සිටියේ.
විභාග ප්‍රතිඵල කඩිනමින් සිසුන් වෙත ප්‍රකාශයට පත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට පාසල් 37ක සිදු කෙරේ.