― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබාලවයස්කාර ශිෂ්‍යයෙකුට හදි කළ විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට

බාලවයස්කාර ශිෂ්‍යයෙකුට හදි කළ විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට

වැලිගම පොලිසිය ප්‍රකාශ කර සිටියේ, පිරිවෙනක නේවාසිකව අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මිරිස්ස ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

ළමා ආරක්ෂක අධිකාරිය වෙත වැලිගම පොලිස් වසමේ විහාරස්ථානක පවත්වාගෙන යන පිරිවෙනක නේවාසිකව අධ්‍යාපනය ලබන වයස 13 පමණ ශිෂ්‍යයකුට අවස්ථා කිහිපයකදි ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වනවා.

 වැලිගම පොලිසිය කියා සිටියේ, එ අනුව එම පිරිවෙනේ ගුරුභවතෙකු මෙන්ම මිරිස්ස ප්‍රදේශයේ වෙනත් විහාරස්ථානයක විහාරාධිපති ලෙස කටයුතු කරන වයස 48ක හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ළමා ආරක්ෂක අධිකාරිය වෙත සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදු කොට සැකකාර හිමිනම අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය කියා සිටියේය.