― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපියාගේ නොසැලකිල්ල පුංචි පුතුට දිවි අහිමි කරයි

පියාගේ නොසැලකිල්ල පුංචි පුතුට දිවි අහිමි කරයි

රිදීමාලියද්ද පොලිස් වසමේ දිරියගම සිට මෝදර වැව දක්වා ඇති අතුරු මාර්ගයේ ඩී 01 ඇළ ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් වයස අවුරුදු දෙක හමාරක කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

කිනිහිරිවැල්ල දෙස සිට දෙමෝදර දෙසට ධාවනය වූ යතුරුපැදියක් එහි පදිකරුට පාලනයකර ගත නොහැකිව පෙරළී ගොස් ඊයේ (23) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ මෘත ශරීරය මේ වනවිට බිබිල රෝහලේ තැන්පත්කර ඇති අතර, යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලිසිය පවසනවා.