විවිධ අනතුරු හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් 32ත් 35ත් අතර පිරිසක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෑම පැය 3කට වරක්ම ජීවිත 4ක් මෙරටට අහිමිවන බවයි අනතුරු වැළැක්වීමේ හා කළමනාකරණය කිරීමේ අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේ
වසරකට 10,000ත් 12,000 ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු පැවසුවේ ය.