― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිසිය වෙඩිල්ලෙන් බේරුණු ත්‍රීරෝද රථ රියදුරා දුම්රියට පැන සියදිවි නසා ගනී

පොලිසිය වෙඩිල්ලෙන් බේරුණු ත්‍රීරෝද රථ රියදුරා දුම්රියට පැන සියදිවි නසා ගනී

පෝද්දල ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කිරීමේදී පොලිසිය වෙඩි තැබූ ත්‍රීරෝද රථය පැදවූ පුද්ගලයා දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ගාල්ල සිර මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකට පියදිගම දේවාලය ආසන්නයේදී පැන මෙම පුද්ගලයා දිවි නසාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්. පසුගියදා පොලිසිය පෝද්දල ප්‍රදේශයේ මාර්ග බාධකයක් අසලදී මෙම පුද්ගලයා ද ගමන් කළ ත්‍රී රෝද රථයක් නතර කර පරීක්ෂා කර තිබුණා.

එම අවස්ථාවේ ත්‍රී රෝද රථයේ සිටි එක් පුද්ගලයෙකු පොලිසියෙන් මිදී පළාගොස් තිබූ අතර පසුව ත්‍රී රෝද රථයේ සිටි අනෙක් සැකකරු එම රථයෙන්ම පළා යාමටයි උත්සාහ කර තිබුණේ.

පසුව පොලිසිය ඊට වෙඩි තබනු ලැබුවා.

එහිදී ත්‍රී රෝද රථය අනතුරට ලක්වීමත් සමග එහි සිටි පුද්ගලයා රථය අතහැර පළාගොස් තිබෙනවා.

අද දුම්රියට පැන සිය දිවි හානිකරගෙන ඇත්තේ එම පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.