27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමියගිය පියා හීනෙන් කියූ මැණික් මුට්ටිය සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මියගිය පියා හීනෙන් කියූ මැණික් මුට්ටිය සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මැණික් මුට්ටියක් සොයා කැනීම් කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙකු ගලිගමුවේ දි කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකු සහ විදුලි කාර්මිකයකු යි.

වඩු කාර්මිකයාගේ මියගිය පියා හීනෙන් පැමිණ කියූ මැණික් මුට්ටියක් ගැනීමට මෙලෙස කැණීම් කටයුතු කළ බව ඔහු පොලිසියට පවසා තිබෙනවා.

සැකකරුවන් සතුව තිබි කළුගල් පිපිරවීමට යොදාගන්නා ඇමෝනියා ග්‍රෑම් දෙසිය හැත්තෑවක්, ජෙලටිනයිටි කුරක්,කොම්ප්‍රෙසර් යන්ත්‍රයක් සහ පූජා භාණ්ඩ රැසක් සොයා ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.