― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsත්‍රිපෝෂ ලබා නොදීමට හේතුව හෙළිවෙයි

ත්‍රිපෝෂ ලබා නොදීමට හේතුව හෙළිවෙයි

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, මාස 6 සිට අවුරුදු 3 දක්වා දරුවන්ට රජය මගින් ත්‍රිපෝෂ ලබාදීමේ වැඩපිළිවෙල වසරක පමණ කාලයක් තිස්සේ අඩපණ වී ඇති බවයි.

ඇය පැවසුවේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සියලුදෙනා දැනුවත් කළද කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බවය.

“අපේ රටේ ගර්භණී මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට, මාස 6කට වැඩි අවුරුදු 5ට අඩු සියලුම දරුවන්ට මේ රටේ ත්‍රිපෝෂ ලබාදීම සිද්ධ වුණා. වසරක පමණ කාලයක සිට මාස 06 සිට අවුරුදු 03දක්වා දරුවන්ට ත්‍රිපෝෂ දෙන්නෙ නැහැ. මේක අකාරුණික තත්ත්වයක්. කොරෝනා වසංගත කාලයේදීත් දරුවන්ට ත්‍රිපෝෂ දුන්නා. ත්‍රිපෝෂ නොදෙන්නෙ ඇයි කියලා මව්වරුන් අහනවා. අපිට ත්‍රිපෝෂ ඇවිත් නැහැ දරුවන්ට ලබාදෙන්න.”

“පැහැදිලිවම වර්ෂයක් තුළ ත්‍රිපෝෂ නැති බව සෞඛ්‍ය බලධාරීන් සියලුදෙනා දන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි ත්‍රිපෝෂ ලබාදෙන්නේ.”

“ඇෆ්ලටොක්සින් ප්‍රශ්නයක් පසුගිය කාලේ ආවා. අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තා. ප්‍රශ්නයක් තියෙනවානම් රජය විසඳන්න ඕනේ. දරුවන්ට ත්‍රිපෝෂ අහිමි කිරීම යෝග්‍ය නැහැ.”