― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජීවන් තොණ්ඩමන්ගෙන් නගරය මැද පොලීසියට ලොකු සද්දයක්

ජීවන් තොණ්ඩමන්ගෙන් නගරය මැද පොලීසියට ලොකු සද්දයක්

තම පාක්ෂිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ බව කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තවත් ආධාරකරුවන් පිරිසක් සමඟ පැමිණ බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට සහ සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර ඇති බව වාර්තා වනවා.

බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක කළමණාකාරවරයා සහ ගණුදෙණුකරුවෙකු අතර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පසු ගිය 22 වනදා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුව බගවන්තලාව පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවවට ගෙන අධිකරණය වෙත පසුගිය 23 වනදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ ආධාරකරුවෙක් වූ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උරණ වූ අමාත්‍යවරයා පසුගිය 24 වනදා බගවන්තලාව නගරය වෙත ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා එම ස්ථානයට කැඳවා බැණ තර්ජනය ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ පොලිස් නිලධාරීන් තිදෙනාට වහාම ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙසත්, එම නිලධාරීන් තිදෙනාගෙන් එක් නිලධාරියෙක් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මූලස්ථානයේ රාජකාරි සඳහා අනුයුක්ත කරන ලෙසත් ජීවන් තොණ්ඩමන්, පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා ඇති බව සඳහන්.

මේ අතර බගවන්තලාව පොලිසිය වෙත ප්‍රාදේශිය සභාව විසින් ලබා දී ඇති පානිය ජල සම්බන්ධතාවය පවා විසන්ධි කිරිමට තමන් ක්‍රියාකරන බවට අමාත්‍යවරයා විසින් පොලිස් නිලධාරින් හමුවේ තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට වහාම ස්ථානමාරු වීම් ලබාදෙන ලෙසට ද අමාත්‍යවරයා හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම හමුවේ පවසා ඇතැයි ද වාර්තා වනවා.

එහිදී පොලිස් අධිකාරිවරයා සඳහන් කර ඇත්තේ, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වු දර්ශන පදනම් කර ගනිමින් මේ වන විටත් තමන් විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම විමර්ශනය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසා තිබෙනවා.

එම විමර්ශන අවසන් වන තෙක් සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා ස්ථාන මාරු කිරීමට නොහැකි බවද පොලිස් අධිකාරිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.