31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජෙට්ස්කී යාත්‍රාවක් පදිමින් සිටි ව්‍යාපාරිකයා බොල්ගොඩ ගඟට වැටී අතුරුදන්

ජෙට්ස්කී යාත්‍රාවක් පදිමින් සිටි ව්‍යාපාරිකයා බොල්ගොඩ ගඟට වැටී අතුරුදන්

බොල්ගොඩ ගඟේ ජෙට්ස්කී යාත්‍රාවක් පදිමින් සිටි ව්‍යාපාරිකයෙකු අනතුරකට ලක්ව ගඟට වැටී අතුරුදන්ව ඇති බව පානදුර උතුර පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ හෙශාන් විතානගේ නමැති 40 හැවිරිදි වියේ පසු වූ අවිවාහක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අද (25) පෙරවරුවේ බොල්ගොඩ ගඟේ ජෙට්ස්කී යාත්‍රාවක් ධාවනය කරමින් ජල ක්‍රීඩාවේ නිරතව සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුගේ ගෙළ ගඟේ හරහා ඇද තිබූ නැව් කඹයක පැටලී ගඟට වැටී අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදන් වූ ව්‍යාපාරිකයා පැදවූ ජෙට්ස්කී යාත්‍රාව ගං ඉවුරේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා දෙවීම සඳහා මේ වනවිට විමර්ශන සිදුකරන අතර, සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පානදුර උතුර පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.