25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොල්ගොඩ ගඟේ ජට්ස්කී පදිමින් සිටිය දී අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි

බොල්ගොඩ ගඟේ ජට්ස්කී පදිමින් සිටිය දී අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි

බොල්ගොඩ ගඟේ ජට්ස්කී බෝට්ටු පදිමින් සිටිය දී අනතුරකට ලක්ව ගඟට වැටී අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ සිරුර අද (25) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයා ගත්තේ පානදුර, දිග්ගල ශ්‍රීයා මාවතේ පදිංචිව සිටි හෙශාන් විතානගේ නැමැති 40 හැවිරිදි වියේ පසු වූ අවිවාහක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අද (25) උදෑසන බොල්ගොඩ ගඟේ ජට්ස්කී පදිමින් විනෝද වෙමින් සිටිය දී ගඟ හරහා දිවෙන පාළම් පාරුවේ ගැටගසා තිබූ කඹයේ ගැටී සිදු වූ අනතුරෙන් පසුව දියේ ගිලී අතුරුදන්ව තිබුණා.

අනතුරුව බෝට්ටු මඟින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළ අතර, පැය කිහිපයකට පසු ඔහුගේ සිරුර සොයාගැනීමට හැකිවූ බවයි වාර්තා වුණේ.

අනතුරුව ඔහුගේ සිරුර දිග්ගල තොටුපොළට රැගෙන විත් පානදුර මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.