― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews30 වැනිදා ගැන විශේෂ දැනුම්දීමක්

30 වැනිදා ගැන විශේෂ දැනුම්දීමක්

ලබන 30 වැනිදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එළැඹෙන සිකුරාදා (30) දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඊයේ (25) ඊයේ සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ලබන 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවයි.